Lyrics
මියැදෙනා ජීවිතේ ඉල්ලුවේ ඔය සෙනේ
රැවටුවත් මා එදා හදවතින් දිව්රලා
තරහක් නෑ තවත් හිතකවත් ඔබ කෙරේ
හැම හුස්මේ පවා ඉන්නවාමයි ඔයා
(මතු යම් දිනෙක මේ පොලොවේ අපි හමු වුණත්
හිමිකම් නැතිද මේ හිතට පෙරදා වගේ.......//)
කාටත් වඩා ඔබහට ළං වෙලා
පෙම් කෙරුවේ සසරේ පුරා
දෛවය අපේ එදා සරදම් කර දමා
වෙන් කෙරුවේ මාගෙන් ඔයා
(මතු යම් දිනෙක මේ පොලොවේ අපි හමු වුණත්
හිමිකම් නැතිද මේ හිතට පෙරදා වගේ.......//)
පෙර අත් භවයේදි අපි අපගේ වුණත්
යලි හමුවෙන්න පින් මදි ඇති
මේ ජීවිතේත් දැන් මියැදිලා
ළඟ උන්නු ඔබ නැති නිසා......
මියැදෙනා ජීවිතේ.......