Lyrics
මා ඔය හිත බින්දා හීන ගොඩක තුටු සින්දා
ඈ ගාව හිත ළඟ දැවටිලා ඔහේ පාවෙනා හිත කියනවා
හීන දැක්ක මතකය විඳවනවා
හිමි නොවෙනා හිතේ අගේ පෙනීලා
පාළුවේ තනිවෙලා ඔය පෑ නුරා මැකී සැලෙනවා
ජීවිතේ ඇති තුරා සිහිවෙනවා මියැදෙමි මා......
තුරුලේ පවා හුරතල් වුණා
කඳුලින් පවා හිතවත් වුණා
දඟකාරියේ කෝ යළි ඒ සිනා
අමතකව යා හැකිද සෙනෙහේ නුරා
ඔය හුස්මේ වැදී වෙලී හමනවා මා හිතේ වේදනා
මතකේ පුරා රැඳි හඬනවා ජීවිතේ ඇතිතුරා
නුඹ ගැන මා සිහිකරනා.......
දුර උන් නිසා සයුරෙන් එහා
හුස්මක් පවා ගතු කී නිසා
හැඩකාරියේ මා නුඹ හැරගියා
අත්හැරිය අත්වැලක සෙනෙහේ පවා
හිමි නොවෙනා නුඹේ අගේ පෙනීලා
පාළුවේ තනිවෙලා ඔය පෑ නුරා මැකී සැලෙනවා
ජීවිතේ ඇති තුරා සිහිවෙනවා මියැදෙමි මා......