මිටින් මුදා හැර බැලුවෙමිmitin mudhaa haera baeluwemi

Mitin Muda Hara Baluwemi

Lyrics

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ගිලිහී
සමුගෙන ගොස් යලි හැරුනෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී //

‍සැගෙව්වාට වළාකුලක් දුහුලින්
කලා සපිරි සඳ වැසුනාදෝ 
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියක් නිවී යාවිදෝ

මිටින් මුදා හැර ....

කඩා වැටෙන මහ වැස්සට සේදී
මලක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වුවත්
අපට දැනුණ සුවඳ මැකී යාවිදෝ

මිටින් මුදා හැර ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.