මිතුරු රාවණ මගේ සකිසඳmithuru raawana magee sakisanda

Mithuru Rawana Mage

Lyrics

මිතුරු රාවණ මගේ සකිසඳ
කුමට මෙතරම් තැවෙන කාරණ..//
පෙමට පිටු පෑ සිතම පාරන...
වැට බඳිමි මා දමා වාරණ..
නොවේ මම රාමා.......අැය නොවේ සීතා...

වන අරණ තුල නුඹ සමග අැය
හෙලූ සුසුමන් සමග ගතු කල..//
මට සුළඟ කීවා........අැය නොවේ සීතා...

යුධ වදින්නේ කුමට අප දැන්...
නුඹේ නමටම ලියා දෙන්නම්..//
දික්තලා මිස අැය නොවේ සීතා......
මම නොවෙමි රාමා....

මිතුරු රාවණ මගේ සකිසඳ..
කුමට මෙතරම් තැවෙන කාරණ//
පෙමට පිටු පෑ සිතම පාරන..
වැටබඳිමි මා දමා වාරණ..
නොවේ මම රාමා......අැය නොවේ සීතා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.