Lyrics
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි - පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි - නෙත් යුග නැති ඔබ දකින තුරා
මාවත කටු අතු බොරළු මතක නැත - දෙපා රැදුණු විට බමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ - මැදුරේ දෙසවන් අගුළු වැටේ
සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ - රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන - බත් ඇය ඇහිදිති පොඩි දරුවෝ