මිනූකා (කැඩුනු සිංහල වදන්)minuukaa (kaedunu sinhala wadhan)

Minuka (Kadunu Sinhala Wadan)

Music:
තරිඳු දම්සරtharindu dhamsara
Lyrics:
රුහුණුකෙත ධම්මදේව හිමිruhunuketha dhhammadheewa himi

Lyrics

කැඩුනු සිංහල වදන් කිය කිය දැඩිමුන්ඩ දේවතා වැන්දයි
සිනා ගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය කැන්දයි
මහා උතුවන් කන්ද පාමුල ආලයේ වැට කඩොලු බැන්දයි
හිඟුලේ තාමත් ගලා යන්නේ මිනූකා නුඹේ කඳුළු කන්දයි...

දෑතේ කරගැට අතර සිරවුණු නුඹේ දෙකොපුල සීරුණා
නුරා ඇස් අඩවන්ව පවසයි ප්‍රේමාලිංගන කාරණා
පපුව පිරිමැද කොනිති ගැහුවම නුඹේ සෙනෙහස පෑරුණා
වේදනාවට හුස්ම දෙන්නේ ප්‍රේමය ම බව තේරුණා...

ඉවුරු දෑලේ අඳුරු හවසක නුඹේ හිස මගේ දෙවුරේ නිවුනා
එහෙම දවසක දුර බලා දැමු රන් සුරේකත් බලය බිඳුනා
ගිනි බටේකට හදි කරන්නට බැහැ කියා ඉරණමේ තිබුණා
ඒ නිසා ගෙළ සිරකරන්නට සුදු අතින් තීරණය කෙරුණා...

කැඩුනු සිංහල වදන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.