මිනිසත්කම කෝminisathkama koo

Minisathkama Ko

Music:
ගයාන් පෙරේරාgayaan pereeraa
Lyrics:
සජිත් අක්මීමණsajith akmiimana

Lyrics

මිනිසත්කම කෝ මිනිසුන්ගේ 
තිරිසන් ගති ඇයි හිත අස්සේ 
සතුන්ට හිංසා ගෙන දෙන්නේ 
හදවත් නැතිදෝ උණු වෙන්නේ 

ඔවුන් අපේ සොමිතුරෝ 
අප සැමටම ළම්බැදියෝ 
හිංසා පීඩා මකා 
රැකගමු උන්ගේ දිවිතුරා 

වීදියේ පවා අසරණ වෙලා 
උන් සැරි සරා මිනිසත් කම සොයයි 
සෙවනක් දෙමු පිහිටක් වෙමු 
උන්ටත් ලොවක් ගෙන දෙමු.....

සිනහව පවා අපට ගෙන දුන් සතුන් 
සරණක් පතා අප වෙත පැමිණිලා
සෙනෙහස පුදා සෙවනක් සදා 
උන්ටත් හෙටක් ගෙන දෙමු.... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.