මිණි මිණි පොද වැටේවිmini mini podha waeteewi

Mini Mini Poda Watevi

Lyrics

(මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්)....//

ලා සඳ පළුව ඇවිත් නිල් ගිර මුදුනින්
රන් තරු මාල බැඳන් රන් වන් අහසින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්....

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

බිම් කළුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳම දවස - අද හොඳම දවස
ඔබ එනවා නම්...

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි - ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.