මිණි බැඳි දොර අරින්නmini baendi dhora arinna

Mini Bandi Dora Arinna

Music:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

මිණි බැඳි දොර අරින්න සිරි යහනට වඩින්න 
ඇරයුම් කලාට ප්‍රමිලා 
අද මට මං විතරයි 
බෝගම්බර පාළුයි 
පුර හඳ වැවටම වැටිලා 

තුන් කල් තුමුල වනේ සරනා ඇතුනේ 
කන් කල පහර නොදී බිඟු රැක ගන්නේ 
රොන් රස පිරුණු අදර 
තිබුනේ රජුගෙ ගෙදර 
කුමටද කුමු තල සිඹලා

මිණි බැඳි දොර අරින්න....

සක්මන් මලුවම අද සිපිරි ගේ වෙලා 
සක්මන් කරපු දෙපා විලංගු වැටිලා 
දුක්වී කුමටද මම 
සක්විති රජෙක් වගේ 
නික්මී යන්නම් ප්‍රමිලා

මිණි බැඳි දොර අරින්න....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.