මින්දදයෝ ඇවිදින්mindhadhayoo aewidhin

Mindadayo Awidin

Lyrics

මින්දදයෝ ඇවිදින් 
අහපන් රුක්අත්තන මලකින් 
ගෙදරට කිව්වා මං 
එනවද ඔය මල් දුන්න අරන් 
අද හෙට මින්දදයෝ...// 

බක්මී මල් පිපිලා සුවඳට 
සඳ ගෙට පායනවා... 
වැවේ නෙළුම් පිරිලා නිල්දිය 
දොළේ හිනා වෙනවා... 
යන එන කල් ඉඳලා මං ගැන 
බඹරු කතා වෙනවා... 

මින්දදයෝ ඇවිදින් 
අහපන් රුක්අත්තන මලකින් 
ගෙදරට කිව්වා මං 
එනවද ඔය මල් දුන්න අරන් 
අද හෙට මින්දදයෝ... 

නා දලුවල හැපිලා මඳනළ 
වැට ළඟ කැරකෙනවා... 
ගොයමට පිනි වැටිලා මුතු ඉර 
එළියට දිලිසෙනවා 
යන එන කල් ඉඳලා මං ගැන 
බඹරු කතා වෙනවා...

මින්දදයෝ ඇවිදින් 
අහපන් රුක්අත්තන මලකින් 
ගෙදරට කිව්වා මං 
එනවද ඔය මල් දුන්න අරන් 
අද හෙට මින්දදයෝ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.