මීන නුවන්miina nuwan

Mina Nuwan

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

මීන නුවන් යුගින් බලන්න මීනා - මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් - මීනා
බලන්න  බැහැ බණ්ඩාරේ - උඩරට කුල නිල බල යුතු බණ්ඩාරේ
බණ්ඩාරේ

ඔබ කෝවිල් එන්නෙත් නැහැ - මට පන්සල් එන්නත් බැහැ
අපි ඈතයි - අපි ඈතයි බණ්ඩාරේ - බණ්ඩාරේ

අත් වැල් බැඳ කෝවිල් යමු - පෝය දාට පන්සල් යමු
මෘදංග නද - ගැට බෙර හඩ - අපගේ දෙසවනට එකයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.