Lyrics
(ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා) //
(මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ) //
සුව නොලබා ගියෙදෝ කෙසේ
ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඉවතට යනවා
ඔබ මා සතු නම් වෙන සැප කුමටද
මසිත සැලෙයී ඔබ දුටුව පැයේ
පුලින තලාවක ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ
සඳළුතලේ ඔබ
සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ
ඔබ දැක ගන්නට
තවත් සඳක් දෝ
මට සිතුණා
රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ
සඳළුතලේ ඔබ
සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ
ඔබ දැක ගන්නට
තවත් සඳක් දෝ
මට සිතුණා
මා ඒ අතීතේ මේ මාවතේ
රෑ පාළු සීතේ ලා මීදුමේ
තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ
දෑතේ වෙලීලා මා හා බැඳී
දෑසේ කතාවේ යාවී රැඳී
තනිකම නිවා දිවියේ පාළු යාමේ
පසුදා උදේ ඈ වෙන් වී ගියේ
(සඳෙන් එහා කඳු මුදුන් ඉමේ
හිමව් තලාවේ තුෂාරයේ
නුවන් ඇදී මා සිත දුර පාවේ
ඇය තනි වූ ඒ කුඩා පැලේ) //