Lyrics
සඳ පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමිදෙන්නම්
හද පත්ලේ ඔබ සැඟවූයේ
මගෙ ලෝකේ හමු වේවි
සඳ සාවී සඳ ඇතී තුරා
සඳ තුරුලේ සුව විඳිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරෙ පෙම සොයනවා
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා
තුරුලේ තියා මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා
හද ගැස්මත් පවා දැනෙනා නිසා
ඔය හදට තව ලං උනා
රෑ අහසේ තරු අස්සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න කැල්මන් හෙලා
මා දිහා
මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා
සඳ පෑයූ මේ රෑ යාමේ....
(මිහිරාවී සෙව්වේ මා ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ ලඟ ඉන්නම් පායා...//)