Lyrics
මිහිරැති වසන්ත කාලේ
කිම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන් වී
තනිවීමි වේදනාවේ....
සිතුවිළි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහේද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ
දාහය ගතේ වෙළීලා
කඳුළැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා යේ
සොයමින් ගෙවූ අතීතේ
සෙනෙහස ඔබෙන් උදා වූ
යුගයකි ගෙවා නිමා වූ....
මිහිරැති වසන්ත.../