මිහිලියගේ තුනු සපුව පුරාmihiliyagee thunu sapuwa puraa

Mihiliyage Thunu Sapuwa Pura

Music:
ආර්. ඒ. චන්ද්‍රසේනaar. ee. chandhraseena
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා....//

සිසිල ගෙන එන මාරුතේ 
ලොවම අමතක වී යතේ....//
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ....

මිහිලියගේ රූ සපුව....

එක ම තැනකින් බිහි වෙලා
ගලන ගඟ යයි වෙන් වෙලා...//
අප ද සිටියට ළං වෙලා
බෙදෙනු ඇත වී මං මුලා....

මිහිලියගේ රූ සපුව....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.