මිහිකත නලවාලාmihikatha nalawaalaa

Mihikatha Nalawala

Music:
සුනිල් ශාන්තsunil shaantha

Lyrics

මිහිකත නලවාලා
මග මල් ගන්වාලා
පාසල වෙතැ යන මේ
පිටිසර හෙළ ගුරුලිය සැරදේ

සුදු හෙළ සාරිය ඇඳැලා හැඩ කොටැ
ඉඟවට රැළි ලෙළවා
දිගු නිල් වරළස පීරා නිසි ලෙසැ
මල් ගවසා බැඳැලා
ගෙල වට මුතු මාලේ
දෝතේ වළලු සැලේ
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල් ලීලා

මිහිකත නලවාලා...

ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා
ජයම මලක් ඉන් නෙළාගනී ඕ
හා හා කුමටද ඒ
බාල ලියෝ ඔබගේ
සුහදා හට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙම් මල කා සතු දෝ

මිහිකත නලවාලා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.