මීදුම් වසන්තේ සීතක් දැනේවිmiidhum wasanthee siithak dhaeneewi

Mihidum Wasanthe Seethak Denewi

Album
Wahi pabalu

Lyrics

මීදුම් වසන්තේ, සීතක් දැනේවි 
පංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම් 
වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමා 
ගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේ 
සිතල මට නොදැනේ 
ඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේ 
මගේ පෙම් කුමරා මා තමා... 

පෙම් කුසලානේ මා ළමැද හැංගිලා 
ආශා උපදී මධු බොන්න ලං වෙලා මා වත සඟවා 
ලැම හංසයින් මැදින් සැතපෙන්න මා 
ආනන්ද සිහිනයෙන් මේ වාසනා පෙම් ජීවිතේ 
උතුරා ගලා මුදු මීවිතේ 
අපි ගයමු ආදරේ ගී හොඳටම ලංවෙලා... 

සඳ නෞකාවේ සාගර තරංගයේ කොහේ හෝ යමු 
මේ ශාන්ත රාත්‍රියේ අපි දෙන්නමයි වෙන කවුරු හෝ එපා 
තනිවෙන්න යමුකෝ අහසේ වලාකුලේ මල් රේණු හා 
සමනල්ලු සේ ඉන්නයි කියා සිත කිවේ දෝ 
අපි දෙන්න ප්‍රේමේ ලෝකේ හිඳිමු නුවන් පියා...

මීදුම් වසන්තේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.