මිහිදුම් පටකින් වැසුන සඳකි ඔබmihidhum patakin waesuna sandaki oba

Mihidum Patakin

Lyrics

මිහිදුම් පටකින් වැසුන සඳකි ඔබ 
තනිවී හඩනා නිසල රැ⁣යේ
දහසක් තරැ නෙතු අතර ගිමන්ලන 
කඳුළු නිමේෂය සංසාරේ //

පාවන අරැනළු සමග උදාවන විහඟ හඩින් කම්මුල් තෙමුනේ 
යලි නව දිනයක පැතුමක් ගුලිකර කඳුළුද මහමග යලි රැදුනේ //

පැල නැති හේනක අස්වනු නෙලනට කුමටද ඔබ මේ වෙහෙසෙන්නේ 
යලි විමසනු නෑ යලි හමුවනු නෑ මතු අලුයම අප සමුගන්නේ //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.