මිදුලේ වැලි මාලිගාවෙmidhulee waeli maaligaawe

Midule Vali Maligave

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

මිදුලේ වැලි මාලිගාවෙ
සක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
සඳ පායන හැටි බලන්න
සතර දිසා ජය ගෙන මම හනික එමී
ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී.....//

පීනා සිප් සයුර දෙතෙර
සියල් සතර දැන පිරිසිඳ
ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වෙමී
මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී...

මිදුලේ වැලි මාලිගාවෙ.....

එපා ඔටුණු මගේ සිරසට
එපා සිහසුනක් හිඳිනට
සිනා සිසී මා එන මඟ හිඳිනු මැනේ
දුවේ කියා මා අමතන් පියාණනේ....

මිදුලේ වැලි මාලිගාවෙ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.