මැවිලා පෙනේවිmaewilaa peneewi

Mewila Penewi

Lyrics

මැවිලා පෙනේවි රූපේ  හදේ දර්ශනෙකි ශෝභා
ස්වප්නෙකි රූප චායා...//  

මනරංජනි රූපේ නෙත්‍රේ හිතේ ප්‍රබොදේ...//
බැඳි ආදරේ ප්‍රමාණේ නොමැරේය හර්දේ මාගේ 
වේවා ඔබේ නාමෙන් මා ජීවිතේ පූජා 
ස්වප්නෙකි රූප චායා 

මැවිලා පෙනේවි රූපේ  හදේ දර්ශනෙකි ශෝභා
ස්වප්නෙකි රූප චායා.../

මාගේ ප්‍රමාද දොෂේ කිමිදී ගියා වියෝ වී.../
සයුරේ ගියා සේ සූර්යා අඳුරේ ලොවේ මවා දී 
සැපතා නැසී ගියාදෝ මා ආලේභී අන්ධ වීලා 
ස්වප්නෙකි රූප චායා

මැවිලා පෙනේවි රූපේ  හදේ දර්ශනෙකි ශෝභා
ස්වප්නෙකි රූප චායා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.