මෙවලම් මොකටද මෙතරම්mewalam mokatadha metharam

Mewalam Mokatada Metharam

Lyrics

මෙවලම් මොකටද මෙතරම් පැළදුවෙ සමනළියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙති වල පාට ගෑවෙ ඇති සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඔවද මගෙ කෙල්ලේ

දෙදරා ගිය ආදරයේ තහංදි බැමි පවුරු
රෝස මලක සඟවාගෙන රොන් ගෙනයති බඹරු
හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කවුළු
කදුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරු

මෙවලම් මොකටද මෙතරම් ....

ඉකි බිදිනා රෑ තුන්යම සිත් මල අඩ නින්දේ
සඳ මඩලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැක ගත්තට පෙම්වතියේ 
නුඹ අතිනුයි නිර්මල  පෙම් යහන කඩා වැටුනේ

මෙවලම් මොකටද මෙතරම්  .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.