මෙතුවක් දුරmethuwak dhura

Methuwak Dura

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සජිත් චතුරංගsajith chathuranga

Lyrics

මෙතුවක් දුර ගෙවලා මෙත‍ෙකින් අපි දෙදෙනා
සමු ගන්න නොවේ 
(මම පෙම් කෙරුවේ...//)

ඔබගෙන් ලද හසරැල් කඳුලක් වී දෙනෙතින්
ගැලුවත් හොර රහසින් ඔබ නෑ මගේ අසලින්
ඔබමයි තාම විමසන්නේ සත්තයි හිතින් මගේ...

මෙතුවක් දුර ගෙවලා...

මගේ සෙනෙහේ මදි නම් අද ඇති තැන හොඳ නම්
අපේ ඇසුරට වැඩියෙන් ඔබ අද සතුටින් නම්
මම නෑ හිරිහැර කරන්නේ ඉන්නම් දුරින් ඔබේ...

මෙතුවක් දුර ගෙවලා.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.