මෙතෙක් ආ මග methek aa maga

Methek Aa Maga

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
ජනිත් ප්‍රදීප් හේවාවසම්janith pradhiip heewaawasam

Lyrics

මෙතෙක් ආ මග වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට
හැරී ආපසු මගේ දේශය මගේ මිනිසුන් වැළඳ ගන්නෙමි
ඉංග්‍රීසි කඳවුරෙන් ගෙන ආ සියලු අවි ආපසු එවන්නෙමි
කියවු මහ ඒජන්තයාටම මගේ වැසියන් සමග එන බව...

මහ දිසාවේ ලෙසින් ඌවේ රාජ සේවය පිණිස සිටියෙමි
අදින් පසු මව්බිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි
රුදුරු අදිරද දෙපාමුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා
රටට වින කළ සතුරු කැළ පිටුවහල් කෙරුමට යුධ වදින්නෙමි...

පෘතුගීසි - ලන්දේසි - ඉංග්‍රීසි වෙසින් එන අන්තරා වළකා
මුතුන් මිත්තන් එදා රැකදුන් යසස් අභිමන් නොහැර ලංකා
යළි රකින්නම් මවු කිරට ණය නොවී නොදී සංකා
පුරමු ජයපැන් දිනා සටනින් උතුම් දළදා නමින් ලංකා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.