මෙතරම් දුරක්metharam dhurak

Metharam Durak

Music:
තුවිඳු රත්මල්ගොඩthuwindu rathmalgoda
Lyrics:
රමේශ් මදුසංකrameesh madhusanka

Lyrics

දඟකාර ඇස් ගාව නෙත නැවතුනත් 
හැඩකාර සිනහාව හද සිර කලත් 
කෙළිලෝල මුව ගාව හිත පැටලුනත් 
හිතුවාද කවදාක මෙතරම් දුරක් 

සහසක් කුසුම් අතර රැඳුනා වුණත් 
දැනුනේම නැහැ විලස තව එක් මලක් 
හිතුවාද කවදාක නුඹවත් මමත් 
හදවත් පුරා රෝස පිපෙනා බවක් 

දඟකාර ඇස් ගාව නෙත....

සහසක් වදන් සමඟ දොඩමළු වුනත් 
දැනුනා දෙසිත් සැඟව ඉඟි ලන බවක් 
හිතුවාද කවදාක නුඹවත් මමත් 
හදවත් සදා මෙලෙස බැඳෙනා බවක්  
   
දඟකාර ඇස් ගාව නෙත....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.