මෑතක සිට ඔබ මා ගැනmaethaka sita oba maa gaena

Metaka Sita Oba Ma Gana

Lyrics

මෑතක සිට ඔබ මා ගැන අමුතු ලෙස සිතයි 
ඔබ ගැන නම් මගේ හැඟුම් තවම එලෙසමයි 
ආදරයෙන් මැවූ පැතුම් බිඳලනු එපා 
මග තොටදී ඇසුන කතා අදහනු එපා 

හිත රිදවන වදන් මගේ මුවින් දෙපලුනේ 
ඔබට වේදනා ගෙන දෙන කිසිඳු පිරුනේ නෑ 
අපේ පෙමට අකුල් හෙලන කිසිවෙකු ගැන දන්නෙ නෑ 
එනමුදු ලොව අපට එරෙහි නොවනු කියනු බෑ 

නිතරම මම ඔබ ගුණමයි ලොවට කියා පෑවේ    
ඔබෙන් තොරව දි පෙවෙතක් මම නැහැ සිතුවේ
ඉතින් සොඳුර මගෙන් ඔබට අහිතක් නෑ වන්නේ 
සහය වන්න පල නෙලන්න පිවිතුරු ප්‍රේමේ

මෑතක සිට ඔබ මා ගැන....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.