Lyrics
රන්වන් කරලින් බර වී වෙල් යායම දිලෙනා
නිල්වන් පාටින් ගොයමද මද සුලඟේ ලෙලෙනා
සුදුවන් සුදු සේලෙන් සැරසුණු අපි සුදු මැණිකෙලා
පෙළහැහිලා වතුසුදු මල් මෙන් අපි ගමු ඔපවිලා
අපි ගමු ඔපවිලා
රොන් ගත රොන් දොමිකිත තරිකිත
තම්දෙන තම් දෙයියා
මෙන්න බොලේ අපේ ගමේ කෙල්ලෝ ටික
කරත්තෙකට නැගලා
පිටුවඩිය පැළඳ ගෙල වයිර
ඇස් දෙක පුම්බලා
මනමාලයෝ සොයලා අරගෙන යනවද
අපේ සුදු මැණිකෙලා//
සුළඟේ පාවී දිගු වරලස හැඩට කඩා දමලා
ලස්සන වෑස්සෙන ගැස්සෙන උකුලද තාලෙට නලවලා
මුතු මැණිකේලා මාල පළඳලා ගෙල හැඩරුව කරලා
අලුත ගෙන මනමාලියෝ වගේ
මැණිකෙලා හැඩ වෙලා//
ගිරව් පැටව් ටික කුඩුව තුල සිට එබිකම් කර බැලුවා
කුරුළු ජෝඩුවක් වෙන්වී ගයමින් මුකුළු සිනා පෑවා
ආදර සුවඳින් හැම හදවත් අද මිහිරි පෙනුම් තිබුණා
කොයි යනවාදෝ මේ හදිස්සියේ
මැණිකෙලා හැඩ වෙලා//