Lyrics
මැණිකේ ඔබේ සිනාවේ
දිය රැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ
අාදරේ ඔබේ කතාවේ...//
මිහිරේ ඔයා පතාවේ
මේ ගමන මේ දුර අාවේ
පිළිගන්නකෝ දයාවේ
මා ඔබේ සුපෙමි ලතාවේ...
සෙවණැල්ල සේ සංසාරේ
අාවා සොයා යන පාරේ
ජීවේ සුපෙමි සිතාරේ
තනුව මාවෙමී මිහිරේ
මැණිකේ ඔබේ...
ප් රේමාදරේ කුසලානේ
උතුරා ගියා මධු පානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ
ආලෝක දී හඳපානේ
මැණිකේ ඔබේ....