මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝmelookee siyalloo sinaa wenne aeyidhoo

Meloke Siyallo Sina Wenne Ay Doo

Lyrics

මෙලෝකේ සියල්ලෝ සිනා වෙන්නෙ ඇයිදෝ
බිලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ

බොන්න යයි කියාලා මට බල කරලා
මේ උසස් සමාජේ සුරා පානෙ පෙවුවා

අපේ මේ සමාජේ මතු මැණික් බඳිවී
සුදු ඇඳුම් අඳීවී කළුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැසීමෙන්
සුරූපී ළඳුන් දැන් ලබයි සැප විනෝදෙන්

මෙලෝකේ සියල්ලෝ ....

මගේ ජීවිතේ මේ ගෙවී හොදම කාලේ
රැඟුම් වූ විනොදේ දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ අළුත් වී හිතේ මේ
වෙනස හොදට තේරේ පලක් නෑ එයින් නම්

මෙලෝකේ සියල්ලෝ ....

නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ
මැරුන දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ

මෙලෝකේ සියල්ලෝ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.