මේඝයක් සේ හුදෙකලාවීmeeghayak see hudhekalaawii

Megayak Se Hudakala Wee

Lyrics

මේඝයක් සේ හුදෙකලාවී
නීල අම්භරයේ නීල අම්භරයේ
නොදැන මග තොට බලා වටපිට
අයාලේ යන ගමන කොතැනටදෝ
ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ

පෑල දිගු රතු සිතිජ රේඛාවේ
බුර බුරා නැගි අග්නි ජාලාවේ
දැවී අළුවී යාද මා
අතරමංවී ඇදෙන මේ ගමනේ

ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ

කෘර ව්‍යාකූල චන්ඩ මාරුතයේ
ගසා ගෙන ගොස් ගැටී ගිරි මුදුනේ
වහා සුන්වී යාද මා
අනන්තය ඇස  ගැසෙන මතු දිනයේ

ආ .. ආ .. මේඝයක් සේ හුදෙකලාවේ

මේඝයක් සේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.