මීදුමෙන් එහා කඳු මානයේmiidhumen ehaa kandu maanayee

Meedumen Eha Kandu Manaye

Lyrics

මීදුමෙන් එහා කඳු මානයේ
ඉගිලෙන්න ආසයි රිසිසේ
මේ අහස මට මදි ඉගිලෙන්න ඉඩ නැතී
නුඹේ හිතේ පුංචි ඉඩක් වුණත් මට ඇතී

වස්සාන දේදුන්න පායා හිතේ
සමුදෙන්න මිරිඟුවට හිත නෑ වගේ
ඉරිතැලුනු පොළවට දිය පොදක් අගේ
කිමිදෙන්න හිත කියන හිත මට නොවේ

මීදුමෙන් එහා ....

හිනැහෙන්න සිත කියන නෙතු ළඟ ඔහේ
ගොළු වී සිටිනු මිසක දොඩමළු නොවේ
නෙතු ගැටෙන සඳ මඬළ ළඟ නෑ වගේ
පිළිගන්න මා නුඹට නුඹ මට නොවේ

මීදුමෙන් එහා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.