මී පැණි රහසක්mii paeni rahasak

Mee Pani Rahasak

Music:
සිරිල් පෙරේරාsiril pereeraa
Lyrics:
සුනිල් විමලවීරsunil wimalawiira

Lyrics

මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා

සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්

මී පැණි රහසක්...

මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත්‍රිය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධුපැන්

මී පැණි රහසක්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.