මේ උයන් කොනේmee uyan konee

Me Uyan Kone

Album
Neela Nuwan
Music:
සමන් කුඹුකගේsaman kumbukagee
Lyrics:
ප්‍රියනන්ද විජේසුන්දරpriyanandha wijeesundhara

Lyrics

මේ උයන් කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇළේ දොළේ හඬ ඇසුණේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුණා සිහින් සීතලේ......

සිනා රොදක් නැතී කඳුළ මා වටා ඇතී
වලා පෙළෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි
අතක දුර නැතී......

මේ උයන් කොනේ.......

දෙමාපියන් බැඳී පවුරු අප වටා ඇතී
පියාසලන්නෙමී දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක
ගිමන් නිවනෙමී......

මේ උයන් කොනේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.