මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේmee uyan konee nil dhiya raendunu wil theree

Me Uyan Kone

Lyrics

මේ උයන් කොනේ නිල් දිය රැඳුනු විල් තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුනා සිහින් සීතලේ

සිනා රොදක් නැතේ කඳුල මා වටා එතේ
වළා පෙලෙන් එබී තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර ඇතේ

දෙමාපියන් බැඳී පවුරු අප වටා එතේ
පියා සලන්නෙමි දිනෙක ඔබ සොයා එමී
පවන් සලන ලෙසින් සිතක ගිමන් නිවනෙමි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.