මේ තරම් ප්‍රේමයක්mee tharam preemayak

Me Tharam Premayak

Music:
ගයාන් සී බෙන්තරගේgayaan sii bentharagee
Lyrics:
ලකිත ශ්‍යාමන්lakitha shyaaman

Lyrics

මේ තරම් ප්‍රේමයක් මේ හිතේ තියලා
වෙන් වුණත් ආදරේ නෑ තවත් කියලා
රෑ දිවා මගේ ලොවේ හීනයන් පුරා
මා දිහා බලා හිඳින් තාරුකා වෙලා.......

ආදරයක් සොයනා හදවත මගේ ළඟින් තියා
ජීවිතයේ කුළුඳුල් සෙනෙහස මගේ නමින් පුදා
නොදැනම සිත නුඹටත් රහසින් මංමුලා වෙලා
කඳුළක් ළඟ මගේ හිත තනියම අතරමං වෙලා.......

සිතක සිතුම් සිර වී ඉකිබිඳ හඬමින් ලියනා
නෙතු අද්දර රිදවා නැවතුන කඳුලින් කියනා
ඒ වදන් නෑ අමතක පාරවයි මගේ හදවත
මියෙන තුරා මේ නෙතු යුග ආදරෙයි මමත් ඔබටම......

මේ තරම් ප්‍රේමයක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.