මේ තරම් දුකmee tharam dhuka

Me Tharam Duka

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
සමීර ප්‍රේමචන්ද්‍රsamiira preemachandhra

Lyrics

මේ තරම් හිත හඬන්නේ 
නුඹේ වෙලා පෙම් කරපු නිසා
මේ තරම් දුක දැනෙන්නේ 
තවත් හිතකට නොගිය නිසා
තවත් හිතකට නොගිය නිසා.......

දවස පුරා මට සිහිවෙලා නුඹව 
ඒ රුව අරගෙන හිත ඇවිදියි තාම
මතකය ඉස්සර වාගේමයි සුවඳ 
දුරස් වුණත් නුඹ තාමත් මා එතන.......

මේ තරම් හිත.......

නිවසට ගියාම මුළු නිවසම පාළුයි 
නුඹව සොයන සිත කීරි ගැහී රිදවයි
මා එනතුරු මග සිටියා මට මතකයි
නුඹ දුර ගියාට මගේ හිත නුඹ ළඟමයි.......

මේ තරම් හිත.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.