මේ සුසුම් කාගේදෝmee susum kaageedhoo

Me Susum Kagedo

Music:
හෂාන් තිළිණhashaan thilina
Lyrics:
කවීශ කවිරාජ්kawiisha kawiraaj

Lyrics

මේ සුසුම් කාගේදෝ ඔය සුසුම් මාගේදෝ
ලං වෙන්නදෝ තව දුරින් ඉන්නදෝ
කවුරුදෝ කවුද ඔබ කවුරුදෝ
කවුරුදෝ ඔබ කාගේ කවුරුදෝ
මා හැර යම්දෝ සිත සිතා ඉනු එපා යනු මැනේ 
මේ දැන් පවා ඔබ ගියා සේ දැනේ....

(යයිද එපා වී එයිද පමා වී 
දරාගන්න බැරි වී එදා දුන්න ආලේ...//)
මතක් වීලා ආයේ ළඟින් උන්න තාලේ
පලක් වේද නෑනේ එපා එන්න නම්
මා හැර යම්දෝ සිත සිතා ඉනු එපා යනු මැනේ 
මේ දැන් පවා ඔබ ගියා සේ දැනේ....

(හද පියන් වැසීලා බොහෝ කල් ගෙවීලා
බරක් නෑ සිතේ දැන් මා තුටින් පිරීලා...//)
හොයන්නෑ බලන්නෑ මං සිතන්නෑ පතන්නෑ
ළඟින් ඉන්න ආයේ නම් සිතන්නේම නෑ....

මේ සුසුම්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.