මේ සුබ උපන්දිනේmee suba upandhinee

Me Subha Upandine

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

Lyrics

Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday my darling
Happy Birthday to you

(මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්)...//

(දෑස පාලා දී සුපෙම් සිනා
මේක රෑකී මතු මතක් වෙනා)..//
මල් ලතා ගොතාලා වාසනා
ඉන්න ලහිරු වාගේ පායලා 
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...

මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...

(සිතන පතන දේම ඉටුවෙලා
දකින සිහින වැල් සැබෑවෙලා)...//
මිහිරි මධුර ලොවක පාවෙලා
ගඟමු ලලිත සුවඳ නෑවිලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...

මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...

(තබන තබන පයට පෙළ ගැසී
සුමුදු සිනිඳු පියලි වැසි වසී)...//
සවන පිනන මධුර ගී ඇසී
ඔබට සිසිල සිසිල වැසි වසී
සැපෙන් දිනේ...
ඕ මයි ලව්...

මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
විනෝදමත් වීලා
සැපෙන් දිනේ...
(ඕ මයි ලව්)...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.