මේ සිර මැදුරෙන්mee sira maedhuren

Me Sira Maduren

Lyrics

මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම්
මේ මුර සෙබළුන් එළවන්නට හැකිනම්
පවුරු වළල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් - මල් පිපේවි ආදරේ නමින්

ගැරහුම් ලබමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විස කටු පඳුරුය - අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්

ඇසට උරුම ඇස උනන කඳුල පමණයි
හදට උරුම හද දවන සුසුම පමණයි
මුළු ලොව සතුරුය - අද අප අභිමුව
ස්නේහයට ඇයි මේ විසකුරු සරදම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.