මේ සිංහල අපගෙ රටයිmee sinhala apage ratayi

Me Sinhala Apage Ratai

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

මේ සිංහල අපගෙ රටයි//
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි...

අහස සිඹින ගිරි කඳුරු//
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු...

මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු කැට මැවුනේ...

සමනොළ ගිරි වළළු හිමේ//
බුදු සිරිපා පිපෙන බිමේ
සම කරුණා ගුණ මහිමේ
අප උපතින් ලද උරුමේ...

මේ සිංහල අපගෙ රටයි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.