මේ රූ කාගේදෝmee ruu kaageedhoo

Me Roo Kagedo

Lyrics

මේ රූ කාගේදෝ
සුරඟන දෑසක් දෝ
හීනෙන් ආවාදෝ
හැබැහින්ම දෝ

හුස්මට සම වී දෝ
දෙතොලේ පිරුනා දෝ
මාගේ හදගැස්ම
නුඹ මාගේම දෝ

ඕ හිනැහෙන්න ලං වෙන්න
අත් අල්ලගෙන ඉන්න
ආදරේ ...මගේනේ.. //

ජීවිතේ පාරකී
තාරුකා ඇස් දෙකේ
වෑහෙනා ආදරේ
මගේනේ

ඕ සිහිනිඟ නැළවෙද්දි
සීතල මල් වැස්සෙ
සිතුවිලි රැළි සයුරෙ
සසැලෙන්නෙමි

සියුමැලි කං පෙත්තෙ
සතපා තොල් පෙත්ත
සියොලඟ හැම රෑම
කවි අතුරමි

ඕ හිනැහෙන්න ලං වෙන්න
අත් අල්ලගෙන ඉන්න
ආදරේ ...මගේනේ...//

ජීවිතේ පාරකී
තාරුකා ඇස් දෙකේ
වෑහෙනා ආදරේ
මගේනේ...

ඔය නුඹේ සිනා කැන් කාගේදෝ
පෙම් හැඟුම් දැන් කාටදෝ
මේ වසන්තේ කාගේදෝ
මගේනේ...

ඔය නුඹේ සිනා කැන් කාගේදෝ
පෙම් හැඟුම් දැන් කාටදෝ
මේ වසන්තේ කාගේදෝ
මගේනේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.