මේ ප්‍රථම වසන්තයයිmee prathhama wasanthayayi

Me Prathama Wasanthayai

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි .../

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.