මේ පාලු සීත රාත්‍රියේmee paalu siitha raathriyee

Me Palu Seetha Rathriye

Music:
සමන් කුඹුකගේsaman kumbukagee
Lyrics:
ප්‍රියනන්ද විජේසුන්දරpriyanandha wijeesundhara

Lyrics

මේ පාළු සීත රාත්‍රියේ..
කියාදෙන්න රහසින්..
ප්‍රේමය නම් කිමැයි කියා...//

නිදිමත තරුකැට කඩාවැටේ..
ඉඩදී අඳුරට අහස්තලේ...
සඳ මල මිලිණව බලා හිදී..
දකිනතුරා අඩ නුවන් අපේ..

සඟවා ළය මත - ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී..ප්‍රේමය නම් කිමැයි කියා..

මේ පාළු සීත රාත්‍රියේ...

ගහකොල නිසලව බලා හිදී..
පවන් රොදක සිහිලසින් මිදී..
පිණිකඳුලැලි කැට කඩා වැටේ..
ඇහෙන තුරා පෙම්වදන් අපේ..

සුසුමක් සුසුමට ලංකර රහසින්
කියාදෙන්න ලංවී...ප්‍රේමය නම් මෙයැයි කියා...

මේ පාළු සීත රාත්‍රියේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.