මේ පාළු දෙනෙතේmee paalu dhenethee

Me Palu Denethe

Lyrics

මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වූයේ
ඇයි කියා දන්නේ නෑ තනිකලේ
ඒ නුහුරු මතකේ නැවතිලා රහසේ
විඳවමි දිවිතුරා පිදු සෙනේ
නොසිතූ වෙලාවේ් මා දමලා
ඔබ ඇයි ගියේ එදා හිත බිඳලා

තනිකමේ පැටලිලා හිඳී පෙර මං බලා
හිමි නැතත් මට ඔයා ආත්මෙන් පෙම් කළා
විඳවනා වේදනා මතකයේ තනි වෙලා
මේ පාළු දෙනෙතේ කඳුළු ගැල්වුයේ
ඇයි කියා දන්නේ නෑ තනිකලේ

උණුහුමේ රැවටිලා පැමිණි දුරටත් වඩා
හුඟ දුරක් ගොස් ඔයා මාව හුන් තැන තියා
විඳවනා වේදනා මතකයේ තනිවෙලා

මේ පාළු දෙනෙතේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.