මේ නිහඬ භවයේmee nihanda bhawayee

Me Nihanda Bhawaye

Music:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

මේ නිහඬ භවයේ වරදකාරියේ 
ආයෙත් කිමද රහසින් මේ හිතින් අදින්නේ

ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා
සිය දහස් වාරයක් මැරි මැරී ඉපදුණා
මරණ මංචකේදී හෝ මේ මා මතක් වෙලා
විඳවන්නට නම් සිදුවෙයි හැම ආත්මයේ පවා

ආත්මය පවා සාක්කි දෙයි 
දෛවෙන් ගැලවෙන්නට බැරි වෙයි
කඳුළු උපත් දා තරු නෙතේ 
විඩාබර වු හද කම්පා වෙයි
කිදා බැස්ස සෙනෙහස වැලපෙයි 
ඔබට පමණි ආදරේ කළේ 

ආත්මේ පාවලා ගිය දිනේ.... 

හුදකලා මගේ තනි වීමයි පණ වගේ ඔබේ වෙන්වීමයි
පතාන එන්නැති හැම භවේ 
හිතුණු විටදි මා වෙත ඒමයි
හිතුණු සැනින් මා හැර යාමයි 
මිරිඟුවකි ඔබගේ ඔය සෙනේ

ආත්මේ පාවලා ගිය දිනේ....
මේ නිහඬ භවයේ.......
ආත්මේ පාවලා ගිය දිනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.