මේ නිහඬ භවයේ වරදකාරියේmee nihanda bhawayee waradhakaariyee

Me Nihada Bawaye

Lyrics

මේ නිහඬ භවයේ වරදකාරියේ....
ආයෙත් කිමද රහසේ මේ හිතින් අඳින්නේ..
ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා..
සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා..
මරණ මංචකෙදී හා
මේ මා මතක් වෙලා..
විඳවන්නටනම් සිදුවෙයි
හැම ආත්මයේ පවා..

ආත්මය පවසාක්කිදෙයි
දෛවයෙන් ගැලවෙන්නට බැරිවෙයි
කඳුළු උපත්දාක නෙතේ
විඩාබර වු හද කම්පාවෙයි
කිඳාබැස්ස සෙනෙහස වැලපෙයි
ඔබට පමණි ආදරේ කළේ..
ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා..
සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා..
මරණ මංචකෙදී හා
මේ මා මතක් වෙලා..
විඳවන්නටනම් සිදුවෙයි
හැම ආත්මයේ පවා..

හුඳකලා මගේ තනිවීමයි..
පණ වගේ ඔබේ වෙන්වීමයි..
පතාන එන්නැති හැමභවේ..
හිතුනු විටදි මාවෙත ඒමයි..
හිතුනු සැණින් මා හැරයාමයි..
මිරිගුවකි ඔබගේ ඔය සෙනේහේ..
ආත්මේ පාවලා ගිය දිනේ සිට ඔයා..
සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා..
මරණ මංචකෙදී හා
මේ මා මතක් වෙලා..
විඳවන්නටනම් සිදුවෙයි
හැම ආත්මයේ පවා..

මේ නිහඬ භවයේ වරදකාරියේ....
ආයෙත් කිමද රහසේ මේ හිතින් අඳින්නේ..
ආත්මේ පාවලා.. ගිය දිනේ සිට ඔයා..
සිය දහස් වාරයක් මැරි මැරි ඉපදුනා..
මරණ මංචකෙදී හා
මේ මා මතක් වෙලා..
විඳවන්නටනම් සිදුවෙයි
හැම ආත්මයේ පවා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.