මේ නිහඬ බව බි‍දෙන්නmee nihanda bawa bidhenna

Me Nihada Bawa Bidinna

Lyrics

‍මේ නිහඬ බව බිඳෙන්න
තව ‍මොනව හරි කියන්න
ඔය ‍නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න....//

ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ ‍හෙලන්න....

‍මේ නිහඬ බව ....

(දැන් ළගයි හිරු නැ‍ගෙන්න
තව වරක් මා සිඹින්න....//)
මට ආද‍‍රේ  යැයි
එක වරක්වත් කියන්න

‍මේ නිහඬ බව ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.