මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයිmee nagaraya maa oba munagaesunu nagarayayi

Me Nagaraya Ma Oba Muna Gasunu Nagarayayi

Music:
මර්වින් පෙරේරාmarwin pereeraa
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය මා...

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..//
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ නගරය මා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.