මේ මිහිතලේmee mihithalee

Me Mihithale

Lyrics

මේ මිහිතලේ සෙනෙහස් විලේ 
මධු පුෂ්ප මකරන්ධයයි 
පියතුමනි පාද  වඳිමි 
ගුණ සාගරේ වන්දනා 
ඔබේ පාද යුග වන්දනා 

දරුවන්ට නොපෙනෙන්න වද වේදනා උසුලා  
දරුවන්ට නොදැනෙන්න දුක් වේදනා විඳිනා//
පියතුමනි පා වඳිමි සැමදාම 
ඔබ වාසනා සංසාරයේ වාසනා 

ඔබ සෙවණේ මුදු සෙනෙහේ 
රන් බෝපතක් සේ දිලේ 
හදමඩලේ ගුණ මහිමේ 
සුදු නාමලක් සේ පිපේ//

දරුවන්ව සනසන්න දුක් වින්ද පියතුමනි  
බුදු වන්න පින් දෙන්න ඉඩ දෙන්න පියතුමනි// 
පියතුමනි පා වඳිමි සැමදාම
ඔබ වාසනා සංසාරයේ වාසනා 

මේ මිහිතලේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.