මේ මිහි මඬලේmee mihi mandalee

Me Mihi Mandale

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

Lyrics

මේ මිහි මඬලේ - සාමයේ මල් දම් ගොතනා
එකමුතු මිනිසුන් වෙසෙනා
ඒ මල් යයාට අප හා එනු මැන - පාද යාත්‍රාවේ

ඔප අත දුනු මැනවි- මා අත ගනු මැනවි
අත්වැල් බන්දා මෙත් සිත රන්දා
අප යන ගමනට එක් වනු මැන -  පාද යාත්‍රාවේ

යුද බිම මල් අතුරා - ලොවම මලින් සරසා
මිනිස් සුගන්ධේ සිත් ආනන්දේ
ඒ මල් යායට එක් වනු මැන ඔබ -  පාද යාත්‍රාවේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.