මේ මල් යායේmee mal yaayee

Me Mal Yaye

Album
Sunila Sara 1
Music:
සුනිල් ධර්මසේනsunil dhharmaseena

Lyrics

මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ලංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..//

මා දෑතේ වේලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා..
ඒ ඡායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා..

මේ මල් යායේ...

සෝ ගීතේ සවනේ යාවී
මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා..
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..

මේ මල් යායේ... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.